EPDP cadre arrested in Nimalarajan murder
නිමලරාජන් ඝාතනය සමිබන්ධයෙන් ඊ.පී.ඩී.පී සාමාපිකයෙක් අත්‌අඩංගුවට ගනී.
An EPDP cadre, David Michael Collin alias Murali was arrested in Trincomalee in connection with the murder of Jaffna journalist Mylvaganam Nimalarajan. The suspect was brought to Jaffna under heavy arm guard and produced before Mr. R.T.Vignarajah, Jaffna Magistrate.
යාපනය ප්‍රදේශයේ පුවත්පත් කලාවේදියෙක් වූ මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය සම්බන්ධයෙන් ඊ.පී.ඩී.පී. සාමාපිකයෙකු වන ඩේවිඩ් මයිකල් කොලින් නොහොක් මුරලි නැමැත්තා ත්‍රිකුණාමලයේදී අත්‌අඩංගුවට ගනු ලැබිණි. දැඩි ආරක්‍ෂාව යටනේ යාපනයට ගෙන එනු ලැබූ සැකකරු යාපනය මහේස්ත්‍රාත් ආර්.ටී.විගනරාජා මහතා ඉදිරියට පමුනවනු ලැබීය.
The police told the magistrate that a statement from the suspect has to be recorded. The suspect said that he did not wish to make a statement.
සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ඇති බව පොලීසිය මහේස්ත්‍රාත් වරයාට දැන්වීය. ප්‍රකාශයක් කිරීමට තමා අකැමැති බව සැකකරු ප්‍රකාශ කළේය.
The counsel for the suspect told the magistrate that the suspect had been assaulted by the police and he should be examined by a medical officer.
පොලීසිය සැකකරුට පහර දී ඇති බවත් ඔහු වෛද්‍ය නිලධාරියෙකු විසින් පරීක්‍ෂා කලයුතු බවත් සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා මහෙස්ත්‍රාත් වරයාට දන්වා සිටියේය.
He also alleged that the police had forced him to sign a statement written in a language unknown to him. The counsel submitted that the suspect fears that his life would be in danger if he is remanded in Jaffna prison. After recording the counsels submission, the magistrate ordered that the suspect be examined by the JMO and a report be submitted to court. The magistrate remanded the suspect till August 20th.
සැකකරු නොදන්නා භාෂාවකින් ලියන ලද ප්‍රකාශයකට අත්සන් තබන ලෙස පොලීසිය සැකකරුට බලකර තිබූ බවත් ඔහු චෝදනා කළේය. යාපනය බන්ධනාගාරයේ රඳවනු ලැබුවහොත් තමාගේ ජීවිතයට තර්ජනයක් එල්ලවිය හැකි යැයි සැකකරු බියෙන් පසුවන බව නීතිඥවරයා දන්වා සිටියේය. නීතිඥවරයාගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සැකකරු අධිකරන වෛද්‍ය නිලධාරියෙකු විසින් පරීක්‍ෂා කල යුතු බවත් එම වාර්ථාව උසාවිය වෙත ඉදිරිපත් කරන ලෙසත් නියෝගකර සිටියේය. මහේස්ත්‍රාත් වරයා විසින් සැකකරු අගෝස්තු 90 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
Vocabulary
- a small group of people who are specially chosen and trained for a particular purpose. a member of this kind of group.
An LTTE cadre was arrested by the police.
එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු පොලීසිය විසින් අත්‌අඩංගුවට ගනු ලැබිණි.
arrest
- Seize by legal Authority.
Two army deserters were already arrested in connection with the murder.
ඝාතනය සම්බන්ධයෙන් යුධ හමුදාවෙන් පලාගිය දෙදෙනෙකු දැනටමත් අත්‌අඩංගුවට ගෙන නිබේ.
murder
- the crime of killing somebody deliberately
He was found guilty of murder.
ඝාතනය සමිබන්ධයෙන් ඔහු වරදකරු විය
alias
- used when a person especially a criminal or an actor is known by two names.
Siripala alias Marusira was killed by the police.
සිරිපාල නොහොත් මරුසිරා පොලීසිය විසින් මරා දමන ලදී.
connection
- something that connects two facts, ideas etc.
Pachchasira was taken into custody in connection with the murder of his wife.
සිය බිරිඳ ඝාතනය සම්බන්ධයෙන් පව්ච්සිරාව අත්‌අඩංගුවට ගනු ලැබිය.
journalist
- A person whose job is to collect and write news stories for newspapers, magazines, radio or television.
Mr.Premakeerthi de Alwis was a famous Journalist.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු විය.
submission
Kandy magistrate Mr.K.Wickramatunga recorded the submission of the counsel.
මහනුවර මහේස්ත්‍රාත් කේ. වික්‍රමතුංග මහතා නීනිඥවරයාගේ ප්‍රකාශය සටහන් කරගත්තේය.
- General English අධ්‍යාපනික සඟරාව - Sep 01 2002 - Author: Edmond Ratnasiri
No comments:
Post a Comment