අඹ යාලුවෝ

 

නිමල් අනික් ළමයින් පරදවා දුවවිත් පාරෙන් වල්පුරනට පැන අඹයක් ඇහිඳ ගත්තේ ය.
“ඕක මගේ” කියමින් සුනිල් ඒ අඹය උදුරා ගන්නට තැත් කළේ ය.
“ඔයාට දෙනවා මම!”
“මං ඇහින්ද එක කොහොම ද ඔයාගේ වෙන්නේ?”
“ඔයා ඇහින්දට මං නේ ඉස්සෙල්ලා දක්කේ!”

Nimal came running past the other boys and leapt from the road on to the grass and picked up a mango.
"That's mine” said Sunil trying to snatch it from him.
"I'll give you!"
"How could the mango I picked up be yours?"
"May be you picked it, but I am the one who saw it first.”

අනින් ළමයි අඹ ගහ යට ඔබ මොබ ඇවිදිමින් අඹ සෙව්චෝ ය. කීප දෙනෙකුට හොඳ අඹ සම්බ විණි. ඇතැම්හු ලේන කොටන් ඇහින්දෝ ය, සමහරු උණ අඹවලට රැවටුණෝ ය,

The other boys walked about under the mango tree looking for mangoes, A few boys picked up good ones, some even picked up mangoes partly eaten by squirrels while some were deceived by immature ones that looked ripe.

Phrases - වාක්‍යඛණ්ඩ

1. according to = එපරිද්දෙන්; කී පරිදි

2. on the alert = සෝදිසියෙන්; විපරම් ඇතිව

3. all at once = එකවරටම

4. to the bitter end = අවසානය දක්වාම

5. in any case = කෙසේ වෙතත්

News Paper Article - 1

EPDP cadre arrested in Nimalarajan murder

නිමලරාජන්‌ ඝාතනය සමිබන්ධයෙන්‌ ඊ.පී.ඩී.පී සාමාපිකයෙක්‌ අත්‌අඩංගුවට ගනී.

An EPDP cadre, David Michael Collin alias Murali was arrested in Trincomalee in connection with the murder of Jaffna journalist Mylvaganam Nimalarajan. The suspect was brought to Jaffna under heavy arm guard and produced before Mr. R.T.Vignarajah, Jaffna Magistrate.

යාපනය ප්‍රදේශයේ පුවත්පත් කලාවේදියෙක්‌ වූ  මයිල්වාගනම්‌ නිමලරාජන්‌ ඝාතනය සම්බන්ධයෙන්‌ ඊ.පී.ඩී.පී.  සාමාපිකයෙකු වන ඩේවිඩ්‌ මයිකල්‌ කොලින්‌ නොහොක්‌ මුරලි  නැමැත්තා ත්‍රිකුණාමලයේදී අත්‌අඩංගුවට ගනු ලැබිණි. දැඩි  ආරක්‍ෂාව යටනේ යාපනයට ගෙන එනු ලැබූ සැකකරු යාපනය  මහේස්ත්‍රාත්‌ ආර්‌.ටී.විගනරාජා මහතා ඉදිරියට පමුනවනු ලැබීය.

Question Tags

සාමාන්‍යන් "නේද?" යන තහවුරු කර ගැනීමේ පදය ලබා ගැනීමට භාවිතා කරයි.

මෙහිදී සාමාන්‍යන්  Positive sentence සමඟ negative tag එකක්ද, Negative sentence සමඟ Positive tag එකක්ද යොදා ගනී

නිමල් ගුරුවරයෙක් නේද?
Nimal is a teacher, isn't he?

නිමල් ගුරුවරයෙක් නෙමේ නේද?
Nimal isn't a teacher, is he?

Articles - A, An, The - Part 2

Definite article - The


අපි කතා කරන්නේ කුමන පුද්ගලයා හෝ දෙයක් ගැනද යන්න අසන්නා හෝ කියවන්නා දන්නා විට

Did you feed the dogs?
බල්ලන්ට කෑම දුන්නද?

Can you turn on the TV?
ඔබට රූපවාහිනිය දාන්න පුළුවන්ද?

Articles - A, An, The - Part 1

Articles වර්ග දෙකකි
  1. Indefinite articles - A, An
  2. Definite article - The

Pronouns

Subject Pronouns Object Pronouns Possessive
Adjectives
Possessive
Pronouns
Reflexive Pronouns
I
මම
me
මට,මාව
my
මගේ
mine
මගේම
myself
මමම
we
අපි
us
අපට, අපව
our
අපේ
ours
අපේම
ourselves
අපිම
you
ඔයා/ඔයගොල්ලො
you
ඔයාට,ඔයාව
ඔයගොල්ලන්ට
ඔයගොල්ලන්ව
your
ඔයාගේ/ ඔයගොල්ලන්ගෙ
yours
ඔයාගෙම, ඔයගොල්ලන්ගෙම
yourself/ yourselves
ඔයාම
ඔයගොල්ලොම
he
ඔහු
him
ඔහුට,ඔහුව
his
ඔහුගේ
his
ඔහුගෙම
herself
ඔහුම
she
ඇය
her
ඇයට, ඇයව
her
ඇයගේ
hers
ඇයගෙම
herself
ඇයම
it
ඌ, ඒක 
it
ඌට, ඒකට
ඌව, ඒක
its
උගේ,ඒකේ

itself
ඌම
they
ඒගොල්ලො,
උන්, ඒවා
them
ඒගොල්ලන්ට
ඒගොල්ලන්ව
their
ඒගොල්ලන්ගේ, උන්ගේ, ඒවායේ
theirs
ඒගොල්ලන්ගේම, උන්ගෙම
themselves
ඒගොල්ලොම

Nouns

Nouns (නාම පද) මිනිසුන්, ස්ථාන, දේවල් සහ අදහස් ආදිය හැදින්වීමට ගන්නා පද නාම පද වේ.


Concrete and abstract nouns

Concrete nouns
දැකීමට, ඇසීමට, ස්පර්ශ කිරීමට, සුවඳ හෝ රස බැලීමට හැකි දෙයක් හැදින්වීමට ගන්නා නාම පද

sugar
water
Nimal


Abstract nouns
දැකීමට, ඇසීමට, ස්පර්ශ කිරීමට, සුවඳ හෝ රස බැලීමට නොහැකි ගුණයන් , ක්‍රියාවන් වැනි දේවල් හැදින්වීමට ගන්නා නාම පද.

Alphabet

ඉංග්‍රීසි හෝඩියේ අකුරු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

1) Vowels - (ස්වරාක්ෂර, ස්වර, පණකුරු, ප්‍රාණක්ෂර)
2) Consonants - (ව්‍යංජනාක්ෂර, ව්‍යඤ්ජන, ගතකුරු, ගාත්‍රාක්ෂර)