Articles - A, An, The - Part 1

Articles වර්ග දෙකකි
  1. Indefinite articles - A, An
  2. Definite article - The

Indefinite articles - A, An


A
"A" භාවිතා කරන්නේ,

ව්‍යඤ්ජනාක්ෂරයකින් (consonant) පටන් ගන්නා ව්‍යඤ්ජනාක්ෂර ශබ්දය (consonant sound)  ඇති ගණන් කල හැකි(countable) ඒකවචන නාමපද ඉදිරියේ
හෝ
ස්වරාක්ෂරයකින්(vowel) පටන් ගන්නා එහෙත් ස්වරාක්ෂර ශබ්දය (vowel sound)  නැති ගණන් කල හැකි ඒකවචන නාමපද ඉදිරියේ
"ක්" අර්ථය ලබා ගැනීම සඳහා.

a girl - ගැහැණු ළමයෙක්
a house - ගෙයක්
a university -  විශ්ව විද්‍යාලයක්    (යුනිවර්සිටි -  යු [vowel sound නැත] )
a European -  යුරෝපීය ජාතිකයෙක්    (යුරෝපියන් -  යු [vowel sound නැත] )

An
"An" භාවිතා කරන්නේ,

ස්වරාක්ෂරයකින්(vowel) පටන් ගන්නා ස්වරාක්ෂර ශබ්දය (vowel sound)  ඇති ගණන් කල හැකි ඒකවචන නාමපද ඉදිරියේ "ක්" අර්ථය ලබා ගැනීම සඳහා.
ඊට අමතරව නිශ්ශබ්ද "h"  සහිත ස්වරාක්ෂර ශබ්දයකින්(vowel sound) පටන් ගන්නා ඒකවචන නාමපද ඉදිරියේද යොදා ගනී.

an ant - කූඹියෙක්
an elephant - අලියෙක්
an ice cream - අයිස් ක්‍රීම් එකක්
an orange - දොඩම් ගෙඩියක්
an umbrella - කුඩයක්

an hour - පැයක්  [අව(ර්) /ˈaʊə(r)/]
an honourable minister - ගරු ඇමතිවරයෙක්  [ඔනරබල් /ˈɒnərəbl/]

ස්වරාක්ෂර ශබ්දයකින්(vowel sound) පටන් ගන්නා  කෙටි යෙදුම් සමඟ(අකුරෙන් අකුර කියවන කෙටි යෙදුම් සඳහා),
A,E,F,H,I,L,M,N,O,R,S,X  අකුරු වලින් පටන් ගන්නා විට ස්වරාක්ෂර ශබ්දයක්(vowel sound) පැමිණේ.

an M.P. - මන්ත්‍රී කෙනෙක් [Minister of Parliment] [එම්. පී.]
a FIFA official - [ෆිෆා]  (අකුරෙන් අකුර නොව වචනයක් ලෙස කියවන බැවින්)

Note:
a herb    පැළෑටියක්   (හර්බ්  /hɜːb/) - British English
an herb  පැළෑටියක්   (අර්බ්   /ɜːrb/) - American English


භාවිතය(Usage)

අපි කතා කරන්නේ කුමන පුද්ගලයා හෝ දෙයක් ගැනද යන්න අසන්නා හෝ කියවන්නා නොදන්නා විට

I need a cup of coffee


යම් දෙයකින් හෝ පුද්ගලයකුගෙන් සමස්ත වර්ගයම නියෝජනය කරන විට

A child needs love
ළමයකුට ආදරය අවශ්‍යයි


වෘත්තීන් ඉදිරියේ

Nimal is a doctor
Nimal is an engineer

නමුත් එක job position එකක් පමණක්  ඇති විට භාවිතා නොකරයි
He is the head of HR


ගණන් කල නොහැකි නාමපද(uncountable nouns) ඉදිරියේ වුවද කිසියම් මිම්මකින් මනින ලද විට

a cup of coffee - තේ කෝප්පයක්
a glass of water - වතුර වීදුරුවක්
a spoonful of sugar - සීනි හැන්දක්

I would like a coffee (a cup of coffee )
ගණන් කල නොහැකි වුවත් මෙහිදී a coffee යනුවෙන් පැවසුවද a cup of coffee යන්න අදහස් වේ.


සංඥා නාම(proper nouns) , සර්ව නාම(pro nouns) ඉදිරියේ, බහුවචන නාමපද(plural nouns) ඉදිරියේ හා ගණන් කල නොහැකි නාමපද(uncountable nouns )  Indefinite articles භාවිතා නොකරයි.

Kamal, Nugegoda, Sri Lanka  

I, We, You, He, She, It, They  

Men, Women, Children, People 

Water, Sugar  



No comments:

Post a Comment