Articles - A, An, The - Part 2

Definite article - The


අපි කතා කරන්නේ කුමන පුද්ගලයා හෝ දෙයක් ගැනද යන්න අසන්නා හෝ කියවන්නා දන්නා විට

Did you feed the dogs?
බල්ලන්ට කෑම දුන්නද?

Can you turn on the TV?
ඔබට රූපවාහිනිය දාන්න පුළුවන්ද?


කලින් සඳහන් කල පුද්ගලයෙක් හෝ දෙයක් ගැන නැවත සඳහන් කිරීමේදී

His car hit a wall. You can see the marks on the wall.
ඔහුගේ මෝටර් රථය තාප්පයක හැප්පුනා. බිත්තියේ ලකුණු ඔබට දැක ගත හැකිය


එකක් පමණක් ඇති වස්තූන් ඉදිරියේ

The sun
The moon
The earth
The sea
The sky
The stars
The world
The universe


 Superlatives ඉදිරියේ

The best - හොඳම
The most beautiful - වඩාත් ලස්සනම

I'm the oldest in my family.
මම මගේ පවුලේ වැඩිමලා

He is the tallest boy in our class.
ඔහු අපේ පන්තියේ උසම පිරිමි ළමයා


first, next, last, same, only ඉදිරියේ හා first, second, fifth.. යනාදී වශයෙන් ස්ථානය දක්වන විට

We went to the same school.
අපි ගියේ එකම පාසලකට

He is the fourth president of Sri Lanka.
ඔහු ශ්‍රී ලංකාවේ සිව්වන ජනාධිපතිවරයා


ප්‍රසිද්ධ පුද්ගලයන් සමඟ

She married Jackie Chan, the actor.
I'd like you to meet Sanath Jayasuriya, the cricketer.


The + adjective : The සමඟ නාම විශේෂණයක්(adjective ) යෙදුනු විට එය බහුවචන නාම පදයක් බවට පත් වේ.

The rich = the rich people (ධනවතුන්)
The unemployed = The unemployed people (රැකියා විරහිතයන්)

The rich are in the town.
ධනවතුන් නගරයේ සිටිති.


ඒක වචන නාමපදයකින් සමස්ථ වර්ගයාම නියොජනය කරන විට

The elephant is sacred to Sri Lankans.
අලියා ශ්‍රී ලාංකිකයන්ට පූජනීයයි


ගංගා, සාගර, කඳු වැටි, කාන්තාර, දූපත් සමූහයන් හා රටවල් වල බහුවචන නාම පද ඉදිරියේ

The Mahaweli
The Indian ocean
The Knuckles, The Himalaya
The Sahara
The United States, The Bahamas, The United Arab Emirates, The Caribbean, The Netherlands


noun + of + noun  ආකාරයේ නම් ඉදිරියේ හෝ  රටේ නම තුළ Kingdom, Republic, State or Union ආදිය අඩංගු විට

The Republic of Sri Lanka
The Bay of Bengal
The United States of America
The United Kingdom


ප්‍රසිද්ධ සඟරා පුවත්පත්, පොත් ඉදිරියේ

The Sunday Times
The Bible

සමහර ප්‍රසිද්ධ ස්ථාන, ගොඩනැගිලි, හෝටල්, චිත්‍රපට ශාලා, කලාගාර ආදිය ඉදිරියේ

The Hilton


සංගීත භාණ්ඩ ඉදිරියේ

The guitar
The piano

He can play the guitar.


සංගීත කන්ඩායම් ඉදිරියේ

The Beatles
The Back Street Boys


ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ඉදිරියේ

The Lord Buddha


පවුලක් බහුවචන අකාරයෙන් හදුන්වන විට

The Pereras
The Fernandos

The Pereras are famous in this area.
පෙරේරලා මේ ප්‍රදේශයේ ප්‍රසිද්ධයි


විශේෂිත පුද්ගලයන්ගේ තනතුරු, පදවි ඉදිරියේ

The President - ජනාධිපතිවරයා
The Prime minister - අගමැති
The minister of Education - අධ්‍යාපන ඇමති


Pronunciation (උච්චාරණය)

ස්වරාක්ෂර ශබ්දයකින් (vowel sound)   පටන් ගන්න වචන ඉදිරියේ "දි" (/ði/ ,/ðiː/)  ලෙසත් අනිකුත් අවස්ථාවලදී "ද"  (/ðə/) ලෙසත් උච්චාරණය කරයි.

the ice -  දි අයිස්
the hour - දි අවර් (h නිශ්ශබ්ද)
the university - ද යුනිවර්සිටි

ඊට අමතරව අවධාරණයෙන් කීමට අවශ්‍ය වූ විටද "දි" (/ði/ ,/ðiː/)  ලෙස උච්චාරණය කරයි.


Definite article භාවිතා නොකරන අවස්ථා

ඒක වචන නාමපදයකින් සමස්ථ වර්ගයාම නියොජනය කරන විට The යොදා ගත්තද "man" and "woman" ඉදිරියේ  The යොදා නොගනී

Man destroys the environment
මිනිසා පරිසරය විනාශ කරයි


පහත ස්ථාන ඒවායේ ප්‍රධාන පරමර්ථයෙන් භාවිතා කරන විට

school - ඉගෙන ගැනීමට
the school - වෙනත් අරමුනකින් පාසලට යනවිට. උදා: විදුහල්පති මුණගැසීමට

Everyday Nimal goes to school
My mother went to the school to meet the principal.

hospital - ප්‍රතිකාර සඳහා
the hospital - රෝගියකු බැලීමට

university, church, temple, prison, jail යනාදී ස්ථාන වලට ඒ ඉහත අකාරයෙන් යෙදේ.


සංඥා නාම(proper nouns) , සර්ව නාම(pro nouns) ඉදිරියේ

Kamal, Nugegoda, Sri Lanka  

I, We, You, He, She, It, They  


I'm listening to the radio
I'm watching a film on TV ✔ ( on the TV )


No comments:

Post a Comment